මිහිඳුම් කොමළිය – හෝටන්-තැන්න ජාතික වනෝද්‍යානය

ඉණ දක්වා උසට වැඩුණ තණ පඳුරු වලින් ද, ඇඹරී නැමී ගිය අතු පතර විහිදා ගත් කඳුකර වනස්පතීන්ගෙන් ද සමන්විත හෝර්ටන් තැන්න අධි උන්නතාංශයක ඇති වර්ෂාවපතනය අඩු පතන තෘණ භූමියකි. පට්ටිපොල හා ඔහිය වශයෙන් වනෝද්‍යාන පිවිසුම් දෙකක් ඇති හෝර්ටන් තැන්නට රාත්‍රී තැපැල් දුම්‍-රියෙන් ළඟා වන ඔබට, උදෑසන හිරු කිරණ වැදී දිදුලන මල් තුහිනද දැක ගත හැකිය. හෝටන් තැන්න ඊට ම අනන්‍ය වූ නේක වර්ණ වෘක්ෂලාතාදියෙන් ද ගෝනුන්, වලි කුකුළන් ආදී සත්ත්ව ප්‍රජාවෙන් ද සමන්විත ය.

ලෝහිත වර්ණයෙන් සැදුම්ලත් පුෂ්පයෙන් පිරී ගිය මහරත් මල් ඒක දේශික ශාක විශේෂයෙකි. මහරත්මල් ශාකය වාසභවන කොටගත් Calotus විශේෂයේ කටුස්සන් පසු කාලීනව යුලැක්ස් නම් ආක්‍රමණික ශාකයකට මාරු වූවෝ වෙත්. ආක්‍රමණික ශාකයක් වුවද කාලයත් සමඟ පරිසර පද්ධතියේම කොටස් කරුවන් වන බවට ඔවුහු සාධක සපයත්. කඳුකර වනය තුලට පියමනින ඔබට ඒක දේශික කුරු කටුස්න් Pigmy Lizard (Cophotis ceylanica) හා කගමුව අං කටුස්සන් Rhino Horn Lizard (Ceratophora stoddartii) යන කටුසු වර්ගයෝද දැකගත හැකි ය.

උදෑසන හෝටන් තැන්නේ අවදිවන ඔබට දරාගත නොහැකි සීතල මධ්‍යයේ කඨෝර සියොත් නාදයක් ඇසෙණු ඇත. වලි කුකුළන්ගේ අභිජනන සමයේ උනුන් නගන නාදය ගැහැණු සතුනට අඬ ගෑමටත්, තමනට අයත් භූමි පෙදෙස ඇඟවීමටත් භාවිතා කරත්.

හෝටන් තැන්නේ කාළගුණය තරම් පෙරැයීමට අපහසු භූමියක් වෙත්නම් ඒ සිංහරාජය ය. වර්ෂාවපතනය අඩු වුවත් විටින් විට වැටෙන චුරු චුරු වැස්සත්, අඩි දෙක තුනක පරතතරය නොපෙනී යන තරමට ගණව මිහිතලය වසා ගන්නා මිහිදුම් සේලයන් ද එතරමටම අවිනිශ්චිතය. තැන්න තුලට පිය මනින ඔබට සමහර විට මහ සොය ගැනීමට මිහිදුම පහු වන තෙක් හෝරා කීපයක් බලා සිටීමට වුව ද පුළුවන.

IMG_5592IMG_5587IMG_5541IMG_5533IMG_5531IMG_5520

IMG_5536
මහරත්මල් ශාකය – Maharathmal Tree (Rhododendron
arboreum – zeylanicum)
IMG_5534
මහරත්මල් ශාකය – Maharathmal Tree (Rhododendron
arboreum – zeylanicum)

IMG_5484IMG_5481IMG_5463

IMG_5461
හෝටන් තැන්නට දිස්වන ශ්‍රී පාදස්ථානය – View of Sri Pada mountain to Hortan Plains

IMG_5469IMG_5467IMG_5302IMG_5303IMG_5258

IMG_5256
මහරත්මල් ශාකය – Maharathmal Tree (Rhododendron
arboreum – zeylanicum)

IMG_5250

IMG_5206
“බෙලිහුල් ඔය – Belihul oya”

IMG_5203IMG_5200IMG_5204

 

ගෝනුන් – Sambar Deers

 

 

හෝටන් තැන්නේ සියොතුන් Bird Fauna of Hortan Plains

 

IMG_5490
Dull-Blue flycatcher – Endamic

 

 

IMG_5409
Sri Lanka Jungle Fowl – Endamic

IMG_5395IMG_5394

IMG_5310
Pied Bush chat – Male
IMG_5300
Pied Bush chat – Female

IMG_5285IMG_5282IMG_5276IMG_5267IMG_5239

IMG_5186
Blackbird

 

කටුසු රජදහන Lizzard Zone

 

IMG_5579
කුරු කටුස්සා Pigmy lizard – Female
IMG_5570
කුරු කටුස්සා Pigmy lizard – Female

IMG_5568

IMG_5567
කගමුව අං කටුස්සා Rhino Horn Lizard (Ceratophora stoddartii)
IMG_5563
කුරු කටුස්සා Pigmy lizard – Male
IMG_5560
කුරු කටුස්සා Pigmy lizard – Male
IMG_5555
කගමුව අං කටුස්සා Rhino Horn Lizard (Ceratophora stoddartii)

IMG_5554IMG_5519IMG_5514

IMG_5526
කගමුව අං කටුස්සා Rhino Horn Lizard (Ceratophora stoddartii)

IMG_5513IMG_5496

 

 

සෙල්සියස් අංශක හතරට පමණ උෂ්ණත්වය පහල බහින දිගු රාත්‍රීන් හෝටන් තැන්නට විරල නොවේ. ට්‍රවුට් මත්ස්‍යයෝ බෙලිහුල් ඔයට විදේශිකයන් විසින් බිලීබෑම සඳහා හඳුන්වාදුන් විදේශීය මත්ස්‍යය විශේෂයෙක් වෙත්. අධික සීතල හමුවේ නොනැසී ගහනය පවත්වාගෙන යන ඔවුන්ගේ ජීවනචක්‍රය ආශ්‍රිතව තවමත් නොවිසිඳුණු අවස්ථාවන් දක්නට තිබේ. පර්යේෂකයෙකු වශයෙන් උදෑසන ඉන වටක් වතුරේ ගිලී බෙලිහුල් ඔයේ ට්‍රවුට් මත්ස්‍යයන් සෙවීම ද මෙවර ගමනේ දී මා ලද නවමු අත්දැකීමකි. 

 

IMG_5247
Rainbow trout (Oncorhynchus mykiss)
IMG_5235
Ruddy mongoose (Herpestes smithii)

IMG_5474

සටහන :
හෝටන් තැන්න විවිධ සත්ත්ව හා ශාක විශේෂ අති මහත් ප්‍රමාණයකට නිවහන සපයයි. එහෙත් මෙහි සටහන් වන්නේ මා ගිය චාරිකා වලදී ලැබූ අත්දැකීම් හා කැමරා කාචයේ සටහන් වූ අවස්ථාවන් පමණක් බව සලකන්න.

 

IMG_5289
වනෝද්‍යානය තුළ පර්යේෂණකාර්‍යයේ නිරත ව

IMG_5222

 

හෝටන් තැන්න නැරඹීමට එන සංචාරකයන්ගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසාවෙන් වන සතුනට වන හානිය සුළුපටු නොවේ. ප්‍රධාන වශයෙන් ම මිනිස් පරිභෝජයනයට ගන්නා ලුණු මිශ්‍ර ආහාර ගෝනුන්ට ලබා දීමෙන් ඔවුහු ගේ සමෙහි ලොම් හැලීමටත් විවිධ ආහාර මාර්ගය ආශ්‍රිත රෝගාබාධයන්ට ලක් වීමත් සිදුවේ. නිලධාරීන්ගේ ඇසට වැලි ගසා ආහාරයට ගන්නා බත් ඇතුළු ආහාර  පොලිතීන් බහාලන සමඟින් ම වන සතුනට ලබා දෙන සංචාරකයන් නිරීක්ෂණය කිරීමට අපට අවස්ථාව ලැබුණි. වනෝද්‍යානය තුල පොලිතීන් භාවිතය අතින් ඉතා අවම කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගන්නා උත්සාහය වෙසෙසින් ම අගය කල යුතු ය.

 

 

විශේෂ ස්තූතිය

  • මහාචාර්‍ය නිහාල් දයාවංස, සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්ව විද්‍යාලය
  • සමීර බණ්ඩාර හා මනුරංග ජයවීර ඇතුළු ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
  • ගමන් සගයා වූ තරිඳු ක්‍රිෂාණ්

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s