මිහිඳුම් කොමළිය – හෝටන්-තැන්න ජාතික වනෝද්‍යානය

ඉණ දක්වා උසට වැඩුණ තණ පඳුරු වලින් ද, ඇඹරී නැමී ගිය අතු පතර විහිදා ගත් කඳුකර වනස්පතීන්ගෙන් ද සමන්විත හෝර්ටන් තැන්න අධි උන්නතාංශයක ඇති වර්ෂාවපතනය අඩු පතන තෘණ භූමියකි. පට්ටිපොල හා ඔහිය වශයෙන් වනෝද්‍යාන පිවිසුම් දෙකක් ඇති හෝර්ටන් තැන්නට රාත්‍රී තැපැල් දුම්‍-රියෙන් ළඟා වන ඔබට, උදෑසන හිරු කිරණ වැදී දිදුලන මල් තුහිනද දැක ගත හැකිය. හෝටන් … Continue reading මිහිඳුම් කොමළිය – හෝටන්-තැන්න ජාතික වනෝද්‍යානය

වෙරළබඩ පාරාදීසය (Coastal Paradise)

  තල් රුප්පාවට යටින් ඇදී යන රාත්‍රී තැපැල් දුම්‍-රිය මන්නාරමට ළඟා වෙන්නේ අළුයම ය. මන්නාරම් දූපත සතුව මන්නාරම, පේසාලේ හා තලෛ මන්නාරම යන ප්‍රධාන නගරයන් ද, දුම්-රිය මාර්ගය හා A14 මාර්ගය අවසන් වන තලෛ මන්නාරම් තොට නම් මාර්ගාවසානයක් ද තිබේ. මන්නාරමේ සිට පේසාලේ දක්වා කිලෝමීටර 16ක් පමණ ද පේසාලේ සිට තලෛ මන්නාරම දක්වා කිලෝමීටර 12ක් … Continue reading වෙරළබඩ පාරාදීසය (Coastal Paradise)

වනගත ජීවිත (Soul Wilderness)

"The clearest way into the Universe is through a forest wilderness." by John Muir සංචාරකයෙකු වීම පහසු ය. එහෙත් වන ජීවිත හඹායන්නෙකු වීම වෙසෙසින් ම උගහට ය. ආධුනික වන පෙත් ගවේෂකයෙක් වශයෙන් පසුගිය දෙසැම්බරයේ මම සිංහරාජය තුල දින දහතුනක් සැපිරුවෙමි. කුඩව පෙදෙසේ දින හතක් ද පිටදෙණිය කඳවුරේ දින හතරක් හා මෝනින්ග් සයිඩ් හි දින දෙකක් … Continue reading වනගත ජීවිත (Soul Wilderness)